සී.සී.ටී.වී. දර්ශන නැරඹීමට විත්තියට අවසර


(අජිත්ලාල් ශාන්තඋදය )
පසුගිය ජනපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් කහවත්තේ පැවති රැලියකදී පුද්ගල ඝාතනයක් කිරීමේ සිද්ධියේ සීසීටීවී කැමරා දර්ශන නැරඹීමට විත්තියට අවසර ලබාදීමට රත්නපුර මහාධිකරණ විනිසුරු  රොහාන් ජයවර්ධන මහතා නියම කළේය.
පැමිණිල්ලේ මුල් සාක්කිකරුවන්17 දෙනාට මේ මස 27 දින රත්නපුර මහාධිකරනය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා අද (6) නියෝග කළේය. 
විනිසුරුවරයා මෙම නියෝගය කළේ වත්මන් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ඇති මිනීමැරුම් නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතීඥ දිනේෂ් ලියනගේ මහතා කළ ඉල්ලීමකට ඉඩ දෙමිනි.