විවිධ වැරදි සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන්ට ඇප ලබා දීමට තමන්ට හැකි බව කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු ලෙස රඟපාමින් රුපියල් කෝටියක් පමණ වංචාකළ බව කියන පුද්ගලයෙක් (57) ඊයේ (2) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ගුවන්තොටුපොළ අසළ පදිංචිකරුවෙකි. ඔහු හිටපු දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ තරුණයන් 15 දෙනකුගෙන් පමණ රුපියල් කෝටියක පමණ මුදල් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඔහු සැකකරුවන්ගේ ඥාතීන් සමග මිත්‍රවී පසුව මීගමු උසාවිය අසලට ගොස් එක් අයකුගෙන් රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ.