සී ආර් ද සිල්වා කළුරිය කරයි


හිටපු නීතිපති සහ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා අභාවප්‍රපාත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1976 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනේය. 2007 දී නීතිපති විය.

2009 දී විශ්‍රාම ගියේය.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක සරසවියේ කථිකාචාර්යවරයකු හා පර්යේෂකයකු වූ ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ ද පරීක්ෂවරයෙක් විය.

පාසල් සමයේ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් විය.