සී අයි විනය පරීක්ෂණයට ඇවිත් නෑ


මහව නාගොල්ලාගම තම්මිටගම  අක්කර හතර හමාරක ගස් ලබු වගාවක්  කපා වැනසී යැයි කියන සිද්ධීයේ විනය පරීක්ෂණය සදහා  මහව හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක හා වව්නියාව ප්‍රධාන  පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා පස් වතාවක්ම කැදැවු නමුත් එක්වරක්වත් නිකවැරැටිය  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  චන්දන අලහකෝන් මහතා ගේ ලිඛිත නියෝග පිළිපැද නැතැයි පොලිස් ආරංචි කියයි.

තවත් වරක් මොහුට අවස්තාවක් දීමට නියමිත බවත්  එවරද නොපැමිණියහොත්  විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවත් දැන ගන්නට ඇත.

මොහුට එරෙහිව  මුලික අයිතිවාසිකම් පෙත්සමක්ද  පවරා ඇත.