බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතා ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.
1987 උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු රත්නායක මහතා වැලිමඩ, කැබිතිගොල්ලෑව, කුරුණෑගල ආදි පොලිසි රැසක ස්ථානාධිපති ලෙස කටයුතු කර ඇත.
වසර එක හමාරක පමණ කාලයක් ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ චරිත ඒ බී ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කර ඇත.
පසුගිය කාලයේ ගම්පහ මූලස්ථාන පොලිසිය සම්බන්ධ ගැටළු රැසක් මතුවිය.