හලාවත - මුගුණුවටවන පදිංචිකරුවකු පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් පොරොන්දු නෝට්ටුවකට අස්සන් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකු ලබන 23 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු ජගත් කහදගම මහතා නියෝග කළේය.
ගම්පහ - යක්කල පදිංචි ජයමාල් තිසේරා ඔහුය.
පසුගිය 03 වැනි දින සිව් දෙනකු විසින් තමන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් පොරොන්දු නෝට්ටුවකට අත්සන් ගෙන පසුව හලාවත - රිදීවැල්ල ක්‍රීඩා පිටිය අසලදී අතහැර ගිය බව හලාවත - මුගුණුවටවන පදිංචි ඩෙරික් චමින්ද සිල්වා හලාවත පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත. තමා පැහැර ගැනීම සදහා පොලිස් නිල ඇදුම් ඇද සිටි අයකු සහ හලාවත පදිංචි පිය - පුතු දෙදෙනකුද පැමිණ සිටි බවද පැමිණිලිකරු තම පැමිණිල්ලේ සදහන් කර ඇත. පොලිස් නිලධරයා අත්අඩංගුවට ගන්නැයි පොලිස්පති මීට දින දහයකට පමණ පෙර නියෝග කළත් මෙතෙක් ඔහු සේවයට වාර්තා කර නැතයි කියති. මෙම පැහැරගැනීමට සම්බන්ධ පිය පුතු දෙදෙනාද අත්අඩංගුවට ගෙන නැත.