සී 4 අදියුරු තමිල්නාඩුවටත් ඉහඳ තියයි


කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයේදී  ශ‍්‍රී ලංකාවේ රජය මෙන්ම හමුදාවේද ක‍්‍රියාකාරකම් අළලා වාර්තාමය චිත‍්‍රපටයක් කළ අධ්‍යක්‍ෂක කලම් මැක්රෙ ඉන්දියාවට ඇතුළු වීමට විසා මෙතෙක්  ලබා නොදුන් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා’ සඳහන් කරයි.

මොහු  මෙසේ ඉන්දියාවට යාමට ආසන්නම  හේතුව ලෙස ලන්ඩන්හී  ඉන්දියා තානාපති කාර්යාලයට පෙන්වාදී ඇත්තේ තමන්තේ වාර්තාමය  චිත‍්‍රපටයක්  දිල්ලි නගරයේ පෙන්වීමයි.  

ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය  මණ්ඩලයේ රටවල් අතර සමුළුව කඩාකප්පල් කර දැමීමේ අරමුණෙන්   මෙම වාර්තාමය චිත‍්‍රපටය දකුණු ඉන්දියාවේද ප‍්‍රදර්ශනය කිරීමට සැළසුම්කර තිබෙන බව කැනඩාවෙන් අප වෙත ලැබෙන ආරංචි මාර්ග   පෙන්වාදෙයි.  

යුද්ධයේ අවසාන කාලයේදී බෝට්ටු මගින්  ඕස්ටේ‍්‍රලියාවට පැමිණි අයගෙන්   සමහරක් පවසා සිටින්නේ තමිල්නාඩුවේ උද්ඝෝෂණ වලට ඉන්දියා මධ්‍යම රජය කන්දෙන බවත් එය අනුව අධ්‍යක්‍ෂක කලම් මැක්රේ ඉන්දියාවට  ඇතුළු වීමට විසා නිකුත් කරන බවත්ය.