සී. එස්. එන්. පෙත්සම මාර්තු 16 දා විභාගයට


විකාශන බලපත‍්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාව ගොනු කර තිබූ රිට් පෙත්සම මාර්තු 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය  අද (16) නියම කළේය.

පෙත්සම්කාර සී.එස්.එන් නාලිකාව සඳහා ලබා දී ඇති සංඛ්‍යාතය එදින තෙක් වෙනත් අයෙකුට පැවරීමකින් තොරව පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසටද අධිකරණයෙන් දැනුම් දුන්නේය.

බලපත‍්‍රය ආපසු ලබා ගත්තේ කිසිදු පරීක්ෂණයකින් තොරව බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද විකාශන බලපත‍්‍රය ආපසු කැඳවීමට ගත් තීරණය බලරහිත කරන ලෙසද පෙත්සමින් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, එම අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.