කටුගස්තොට හපුගොඩ කනිටු විද්‍යාලයයටම සිටිනුයේ සිසුන් හත් දෙනෙකි.
තුන වසරේ සිසුහු තුන් දෙනෙක් සිටිති.
හතර වසරේ දෙදෙනෙක් සහ පහ වසරේ දෙදෙනෙක් වෙති.
පළමු හා දෙවැනි වසරට එක සිසුවකු හෝ නොමැත.
විදුහල්පති සමඟ ගුරුවරියෝ තිදෙනෙකි.
තම දරුවන් වෙනත් පාසලකට යොමු කර දෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.
කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී කේ ඩබ්ලිව් ටිකිරි බණ්ඩාර මහතා පැවසුවේ මෙම පාසල සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.