පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි කණිටු පාසලේ කුණු ගෙදර ගෙන යෑමට සිසුනට සිදුවී ඇත.
ඩෙංගු මදුරුවන් නිසා පාසලේ කසල ටැංකි කඩා ඉවත් කර ඇත.
නගර සභාව කුණු ඉවත් කරනුයේ සතියකට වරක් පමණි. එහෙයින් පාසල පිරිසිදුව තබා ගැනීම සඳහා මේ පියවර ගෙන ඇත.
පිරිසිදු පාසල් අතරින් මෙම පාසල දෙවැනි තැනට පත්වී සිටියි.

