සිසුහු කිලෝමීටර හයක් පයින් යති


දැරනියගල කොස්කන්ද කැන්දලන්ද පාර වාහන ගමනාගමනයට සකසා දෙන්නැයි ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් දැරනියගල නගරයේදී අද උද්ඝෝෂණයක් කළහ.

මේ නිසා ප්‍රධාන මාර්ගයද අවහිර විය.

මෙම මාර්ගයේ ලංගම හා පෞද්ගලික බස් ටික දුරක් ධාවනය කරන බවත්, ඊට හේතුව පාර අබලන් වීම බවත් උද්ඝෝෂකයෝ කියති.

පාසල් දරුවනට අඩු ගණනේ කිලෝමීටර් හය හමාරක්වත් පයින් යෑමට සිදුවී ඇත.

රබර්, කුරුඳු හා තේ නගරයට රැගෙන ඒමට ක්‍රමයක් නැතැයි ද ගැමියෝ කියති.