සිසුවෙක් හොර සල්ලි මාරු කරන්න ඇවිත්


රුපියල් 2000 හොර නොට්ටු මාරු කිරීමට තැත් කළැයි පාසල් සිසුවෙක් (16) හා තරුණියක (23) තවත් හොර නොට්ටු තුනක් සමග අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

සිසුවා බලපිටියේද, තරුණිය කරන්දෙණියේද පදිංචි බවත් හොර සල්ලි මුද්‍රණයට යොදා ගත් උපකරණ ද සොයා ගත් බවත් පොලීසිය පවසයි.