සිසුවෙක් සුනාමියට මැදිවේ


මිනිපේ, මොරයායේ, 39 ඇළ වෙල් යායේදී ගොයම් කපා ස්වයංක්‍රීයව පාගා මලුවලට පුරවන සුනාමි නමින් හැඳින්වෙන යන්ත්‍රයකට අසුවීමෙන් අවුරුදු 15 ක පාසල් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මිනිපේ වේරගන්තොට, නුවරගෙදර පදිංචි ඒ.ජී.නාමල් මධුෂංක ජයවීර නමැති එම දරුවා කුඹුරු වැඩවල නිරතව සිටි පිරිස අතර සිටියදී එම යන්ත්‍රයට හසුවී ඇති අතර ඔහු මිනිපේ මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.