සිසුවියට පහරදුන් පොලිස් නිලධරයාට චෝදනා පත්‍රයක්


කොළඹ වෝඩ් පෙදෙසේ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයේදී ශෂිනි සන්දීපනී සිසුවියට පහරදුන් පොලිස් පරික්ෂකවරයාට පොලිස් කොමිසමේ නිර්දේශය මත චෝදනා පත්‍රයක් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

එම චෝදනා පත්‍රයට ඔහු පිළිතුරු ලබාදුන් පසු ඔහුට එරෙහිව ගැනීමට යන විනය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතය.