දඹුල්ලේ රිය අනතුරකින් තුවාල ලැබු සඳලි පුන්සරණි සිසුවියට දඹුල්ල රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව ද වෛද්‍යවරු ද පියවර ගත්හ.
මේ අතර බෝපත්ඇල්ල ගැලීම නිසා දෑරංගල සිසුන් දෙදෙනකුට ද අද ශිෂ්‍යත්ව විභාගයට යෑමට නොහැකි විය.
මේ බව දැනගත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රාදේශිය නිලධරයින්ගේ සහායෙන් ඩිංගි බෝට්ටුවකින් විභාග නිලධරයින් තිදෙනකු දෑරංගල ප්‍රජාශාලාව වෙත යවා විභාගය පැවැත්වීය.
ඡායාරූප ප්‍රියන්ත දසනායක






