(කේ බුද්ධික කුමාරසිරි සහ ඉන්දිකා රාමනායක)
මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ ළඟම ඥාතී වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම අපයෝජනය සිදුව ඇති බවත් බාලවයස්කාරිය එය සඟවා ගෙන සිට මවට පැවසීමෙන් පසු ඇයගේ මව විසින් අද (16) දින අදාල සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය අපයෝජනයට සම්බන්ධ ඇයගේ ළගම ඥාතීන් වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකුද මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

