පාසලේ ගුරුවරියක සතු පවුම් තුන හමාරක් බැරැති රන් මාලය වංචනිකව ලබා ගත් ඌව පරණගම පාසලක උසස් පෙළ සිසුවියක් සැකපිට අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය පවසයි.
විදුහල්පති එම මාලය ඉල්ලා සිටින බවට ‘හොර ලියුමක්‘ ලියා ගුරුවරියට දී මාලය වංචා කර ඇතැයි පැමිණිල්ලේ සදහන්යේ.
ගුරුතුමිය සතු වී කරල හැඩයෙන් යුත් රන් මාලය අත්‍යවශ්‍ය කරුණක් සඳහා විනාඩි 10කට විදුහල්පතිවට බාර දෙන ලෙසත්, ලිපිය රැගෙන එන සිසුවිය අතට මාලය බාර දෙන ලෙසත් විදුහල්පති ලියන අයුරින් එම ලිපිය ලියා ඇත.