සිසුවාට පහරදුන් විදුහල්පති රිමාන්ඩ්


(උපාලි ආනන්ද)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට  පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු කළැයි කියන විදුහල්පතිවරයා, මේ මස 11 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කළේය.

පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවත්වා ඇති වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මැදිරිගිරිය පොලිසියට නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද තව දුරටත් නියෝග කෙරිණ. ‍

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ, පොළොන්නරුව කවුඩුළුවැව‍ෙ ටී.ජී රෝහිත කමල් ධර්මසේන නැමැති නැමැත්තෙකි.