සිසුවාට ඉබේටම දඩුවම් ලැබේ


විදුහල්පති නිල කාමරයේ තබා තිබු තම ජංගම දුරකතනය ගැනීමට වහලෙන් කාර්යාලයට බසින්නට ගිය බස්නාහිර පළාතේ පාසලක සිසුවකු සිවිලිම කඩාගෙන වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

එම සිසුවා වහලට නැග මද වේලාවකට පසු රාත්‍රී පාසලේ රැඳී සිටි තවත් සිසුවකු මිතුරා තවම නැත්තේ ඇයි දැයි බැලීමට වහළයට නැඟ ඇති බවත්, මිතුරා සිවිලිම කඩාගෙන වැටී ඇතැයි දුටු ඔහු කාර්යාල කාමරයේ ජනේලයක් කඩා මිතුරා එළියට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

ජංගම දුරකතන පාසලට රැගෙන ඒම අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයක් මගින් තහනම් කර ඇත.එබැවින් පාසලේ ගුරුවරයකු එම ජංගම දුරකතනය විදුහල්පතිවරයාට බාර දී ඇත.