සිසුවා පිහි තලෙන් පරණ කෝන්තරයක් පිරිමහයි


ගම්පහ හේනේගම පාසලක 13 වැනි ශ්‍රේණියේ සිසුවකු පාසල අවසන් වීමෙන් පසු තවත් සිසුන් සිව් දෙනකුට පිහි තලයකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් ගම්පහ රෝහලේ ද තවත් සිසුවකු රදාවාන රෝහලේද ප්‍රතිකාර ලබති.

පෞද්ගලික ආරවුලක් මත මෙසේ සිසුවා පහර දෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.