සිසුවා අඹ ගහෙන් වැටී බරපතලයි


රත්තොට දික්කුඹුර විද්‍යාලයයේ 15 හැවිරිදි සිසුවකු අඹගසකින් වැටී බරපතල තුවාල ලබා රත්තොට රෝහලෙන් මහනුවර රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.

විදුහල්පති හුලංගමුව මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා චාරිකාවක් ගොස් පින්නවල සිටින බවයි.

‘මම මේ පින්නවල ඉන්නේ චාරිකාවකට ආවා. එහෙම එකක් වෙලා කියලා ආරංචි වුණා. දැන් ටිකකට කලිනුත් පත්තරකාරයෙක් කතා කළා. තමුසෙලා මොකද ඕවා ඔච්චර හොයන්නේ? අපේ ඉස්කෝලෙකට කවුරුත් උදව්වක් කළොත් ඒවා හොයන්නේ නෑ. මේ අනවශ්‍ය එකක් හොයනවා. අනික මට බැහැනේ මාධ්‍යයට ප්‍රකාශයක් දෙන්න.‘