සිසුන්ට පහරදුන් පොලිස් නිලධාරීන් ගැන තීරණය 10 වැනිදා?


ජාතික උසස් තාක්ෂණ සිසුන්ගේ විරෝධතාවට එල්ලවූ පොලිස් ප්‍රහාරයට වගකිව යුතු උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ලබන දහවැනිදා පැවැත්වෙන ත්‍රිපුද්ගල කමිටු සාකච්ඡාවෙන් පසුව සිදුකරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

විනය ක්‍රියාමාර්ග ගැනීමකට ලක්ව සිටින්නේ ප්‍රධාක පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ තනතුරු දරන පොලිස් නිලධාරීන් පිරිසකට බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

බදුල්ල විශ්‍රාමික ලේකම් සී.වී.ගුණවර්ධන මහතා සභාපතීත්වය දරන පොලිස් කොමිසමේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂක එන්.මොරගොල්ල,විමර්ශන නිලධාරී කේ.පී.චූලරත්න යන මහත්වරු අනෙක් සාමාජිකයෝ වෙති.

පොලිස් කමිටුව ඉකුත් 3 දා රැස්වූවද එහිදී පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නැතැයිද කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.