ගම්පහ දිස්ත්‍රිකක්යේ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල්ලවන තර්ජන සහ පහරදීම් සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ගම්පහ දුම්රිය පොළ ඉදිරි පිටට අද උදෑසන පැමිණි ගම්පහ මාධ්‍යවේදීහු තම කැමරා ආම්පන්න බිම තබා තමන්ට දිගින් දිගටම සිදුවන හිරිහැර හෙළා දුටහ.
ගම්පහ පොලිසිය විසින් ආරක්ෂක රැකවල්ද යොදා තිබිණි.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පිරිසක් ගෙය ගිය උද්ඝෝෂණයක් වාර්තා කිරීමට පෙරේදා (3) ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට සිසුන් පිරිසක් පහර දීම සම්බන්ධයෙන් සහ වැලිවේරියේ යුද එහුදාව සහ ගැමියන් අතර පැවැති ගැටුම වාර්තා කිරීමට ගිය ගම්පහ මාධ්‍යවේදීනට සිදුවූ හිංසාවන්ට විරෝධය පළ කරමින් මෙය සංවිධානය කර තිබිණි.
එදා වැලිවේරියේදි යුද හමුදාව හැසිරුණු ආකාරයටම මෙදා එම පාසලේ සිසුන්ද පළමුව සී.සී.ටී.වී කැමරා කුඩු කර දෙවනුව මාධ්‍යවේදීන් සොය සොයා පහර දීමට පෙළඹීමද මෙහිදී දැඩි දෝෂරෝපනයට ලක් විය.
මෙහිදී අදහස් දැක් වු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම කියා සිටියේ එම පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩ සිසුන්ට ලබා දෙන්නේ හමුදා පුහුණුවක් බැවින් එදා වැලිවේරියේ යුද හමුදාව හැසිරුණු ආකාරය පුර්වාදර්ශයට ගෙන සිසුන් පාසලේ සී.සී.ටී.වී කැමරා මුලින්ම විනාශ කොට මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරගෙන දත්ත මකා දැමීමටත් සොය සොයා පහරදීමටත් පෙළඹීම ඉතා ශෝචනීය තත්වයක් බවයි.
පාසල් දරුවන් යනු තවත් දෙයක් අනුකරණය කිරීමට ඉතා ඉක්මනින් පෙළඹෙන බවත් පැවසු මාධ්‍යවේදීහු මෙම ක්‍රමය දිගටම පැවතුනහොත් ඉදිරියේදි මොන්ටිසෝරි දරුවන් පවා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමට පෙළඹෙනු ඇති බවත් කීහ.
මෙම උද්ඝෝෂණය දරුවන්ට විරුද්ධව සිදු කළ දෙයක් නොව වැරදි පුර්වාදර්ශ ගනිමින් හැසිරීම හෙළා දැකීමක් බවත් මාධ්‍යවේදීහු කිහ.
මෙම විරෝධතාවය සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු රැසක් සහභාගී වුහ.

