සිසුන් රැගත් ලොරිය වහළක් උඩින් නවතී - 6කට තුවාල


රවී ලියනගේ
 
නෙළුව දික්හේන කුකුල්කන්ද මාර්ගයේ පාසල් සිසුන් පටවාගෙන ධාවනය වූ කුඩා ප්‍රමාණයේ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක වහලයක් උඩට පෙරළීමෙන් පාසල් සිසුන් 05ක් ඇතුළු 06 දෙනකු තුවාල ලබා හිනිදුම, නෙළුව සහ කරාපිටිය රෝහල් වලට ඇතුළත් කර ඇතැයි නෙළුව පොලිසිය පවසයි. 
 
පාසල් සිසුන්ට අමතරව තුවාල ලැබූ අනෙක් තැනැත්තිය සිසුවකුගේ මවක බව ද පොලිසිය කියයි.