සිසුන් දෙන්නෙක් මහවැලි ගඟට බිලි


පොල්ගොල්ල ජලාශයට අසල මහවැලි ගඟේ දියනෑමට ගිය කටුගස්තොට පොල්‍ගොල්ල මහවැලි විදුහලේ 11 වැනි වසරේ සිසුන් දෙදෙනකු අද (10) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිසුන් දෙදෙනා දහවල් ආහාරය ගැනිම සදහා  පල්ලේ ගුන්නෑපාන ප්‍රදේශයේ මිතුරකුගේ නිවසට ගොස් එම මිතුරාද සමග දිය නෑමට මහවැලි ගඟට ගොස් ඇති අතර ගඟ ආසන්නයේ පදිංචි මිතුරා සබන් ගාමින් සිටියදී ඔවුන් දෙදෙනා දියේ ගිලී ඇති බව කියති.

පල්ලේ තපවින්නේ පදිංචි නිපුන් මධුසංඛ හා දොරගමුව ලියන්වල පදිංචි නිවන්ත නයනජිත් යන සිසුන් එසේ මියගොස් ඇත.