බම්බලපිටියේ විදේශ රැකියා ආයතනයක් එංගලන්තයේ උපාධි හැදෑරීමට යවන බව පවසා සිසුන් 24 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 80 ක් වංචාකොට රටින් පැනගොස් සිටි විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු වසර නවයකට පසුව ඊයේ (5) නාරාහේපිට නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි.
මහනුවර මාවිල්මඩ පදිංචි මෙම සැකකරු බම්බලපිටියේ රැකියා ඒජන්සියේ වංචාවෙන් පසු 2005 දී රටින් පැන යන්නට ඇතැයි ද පොලීසිය පවසයි.

