
(රංජිත් කරුණාවීර)
රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රොහල අද (21) ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.
ඇතුලත් කරනු ලැබ සිටින සියලු සිසුන් සුළු තුවාල ලබා ඇති අතර, වෛද්‍යවරුන්ගේ පරික්ෂා කිරිම් වලින් අනතුරුව රෝහලෙන් නික්ම යෑමට හැකි වෙතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ ඇත්තේ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල්වල දරුවන් බව පැවසේ.

