සිසු සමුළුවේ ගුටි කෙළියක්


පදවිය මහසෙන් විද්‍යාලයයේ  පැවති ශිෂ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වු සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින්  සිව් දෙනකු තුවාල ලබා පදවිය රෝහලට ඇතුළු කළ බව පදවිය පොලිසිය කියයි.

සම්මන්ත්‍රණයේදී සිසුන්ට වාඩි වීම සදහා සකසා තිබු පුටු ප්‍රමාණවත් නොවීම නිසා ඇති වු බහින් බස් ගැටුමට හේතුව වී ඇතැයි  පොලීසිය සදහන් කරයි.

එක් සිසුවකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.