සිසු පිහි පහරින් ගුරුවරිය මරුට


ලන්ඩන් නුවරින් සැතපුම් 400 ක් පමණවූ උතුරු දිග්භාගයේ ප්‍රධාන නගරයක් වන ලීඩ්ස් හි රෝමානු කතෝලික පාසලක ජනප්‍රිය ගුරුවරියක් එම පාසලේම 15 හැවිරිදි සිසුවෙකුගේ පිහි පහරකට ලක්ව මිය ගියාය.

මුළු රටම කම්පා කරවූ මේ පුවත අද එංගලන්තයේ ප්‍රධාන පුවත ලෙසට සියලුම මාධ්‍ය වාර්තා කර ඇත.

61 හැවිරිදි ඈන් මාගරී පාසලේ ජනප්‍රිය ගුරුවරියක වුවාය. පාසලේ අනෙකුත් සිසු න් ඉදිරියේ ඇය පිහිය අනුමකට ලක්වුයේ එම පාසලේම 15 හැවිරිදි සිසුවෙකු අතිනි. රෝහල් ගත කිරීමට ප්‍රථමයෙන් ඇය ජීවිතක්ෂයට පත්වුවාය. ඇයට පහර දුන් සිසුවා පොලිස් අත් අඩංගුවට පත්විය. අපරාධය සඳහා යොදාගත් පිහියද සොයා ගැණිනි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාද මෙම අපරාධය හෙළා දැක්කේය.

බ්‍රිතාන්‍යයේ ළිහිල් නීති රීති පද්ධතිය, අසාමාන්‍ය මානව හිමිකම් වරප්‍රසාද, පාලනයකින් තොර විදේශ සංක්‍රමණකයින්ගේ උද්ධමනය වැනි දෑ මෙවැනි අපරාධ රැල්ලක් බිහිවීමට කෙතරම් දුරට බලපාන්නේද යන්න පිළිබඳව දැන් කතා කිරීමට පටන්ගෙන ඇත.

අද බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි කාරයින් හට ඇති තැන පිලිබඳ ප්‍රශ්නයක් මතුව ඇතිබව පවසන  අයද මේ අතර සිටිති.

යුරෝපීය හවුලේ නීති රීති අනුකුලව පරණ සෝවියට් සමුහාණ්ඩුවට අයත් සිට දැන් නිදහස් රාජ්‍යයන් බවට පත් යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ඇති බොහෝ රටවල මිනිස්සු පවුල් පිටින් එංගලන්තයටපැමිණෙති.

 යුරෝපිය සංගම් නීතියට අනුව මේ අයට ඉඳුම් හිටුම් රැකීරක්ෂා සැපයීමට හෝ එතෙක් අවශ්‍ය සහනාධාර සැපයීමට එංගලන්තය බැඳී සිටී. ජර්මනියේ, ඉතාලියේ හෝ ප්‍රංශයේ මෙවැනි නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත. මේ නිසා මේ සියලුම දෙනා සමුහ වශයෙන් පැමිණෙන්නේ බ්‍රිතාන්‍යයටය.

මේ නිසාම යුරෝපීය සංගමයෙන් ඉවත්විය යුතුබවට බලවත් හඬක් බ්‍රිතාන්‍යයේ පැනනැගී ඇත. ලබන මාසයේ පැවැත්වෙන යුරෝපීය පාර්ලිමේන්ති මැතිවරණයේදී මෙම ප්‍රශ්නය ප්‍රධානම අංගය බවට පත්ව ඇත. මේ නිසාම මෙවර මැතිවරණයේදී අලුතෙන් පිහිටුවා ඇති යුරෝපීය සංගම් විරෝධී නිදහස් පෙරමුණ නම්වූ පක්ෂය බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිබවා යන තරමේ ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත්වී ඇත.

එංගලන්තයේ අද පවතින අසීමිත අපරාධ රැල්ල මේ වෙනස ඇතිකිරීමේ එක් හේතුවක් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මත