එච්එන්ඩීඒ සිසුන්ට කොළඹ වෝඩ් පෙදෙසේදී පොලිසිය පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුවේ සභාපති ලෙස ආචාර්ය බී.එම්.එස්.බටගොඩ මහතා පත්කර ඇතැයි රජයේ ආරංචි පවසයි.
මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන හෙට (3) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

