සිසු නායකයන් පහකට සබරගමුව සරසවි බිම තහනම්


සබරගමු විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් පස් දෙනකුට නැවත දන්වන තුරු සරසවි භූමිය තහනම් ප්‍රදේශයක් කර ඇත.

මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන නිලතල දැරූ සිසුන් පස් දෙනකුට මේ තහනම පැනවූ බව කියයි.

සරසවි නීතිවලට පිටුපා පසුගිය 12 වැනිදා රැස්වීමක් පැවැත්වීමක් නිසා මහා ශිෂ්‍ය සංගමය හා පීට සංගම් 55ක් පසුගිය 15 වැනිදා තහනම් කැරිණි.

එම සිසුන්ට සරසවියට ඇතුළු නොවන ලෙස ලිඛිතව දන්වා ඇතැයි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දමයන්ත කුමාර කියයි.