රජරට සරසවියේ ව්‍යවහාරික, සමාජ විද්‍යා ,මානව ශාස්ත්‍ර හා කළමණාකරණ පිඨයන්හි ශිෂ්‍ය නායකයන් හය දෙනකුගේද මහා ශිෂ්‍ය සංගමේ නායකයන් දෙදෙනකුගේ ද පන්ති සතියකට පමණ පෙර තහනම් කළ බව සිසුවෝ කියති. පන්ති තහනම මාස හයක් බව තම මව් පියනට දන්වා ඇතැයි ඔවුහු පවසති.
මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩපිළිවෙළක් සිසුහු අද (14) ඇරැඹුහ.
පසුගිය ජුනී 20 වැනිදා සරසවියේ පැවති සංස්කෘතික සංදර්ශනයක් කඩාකප්පල් කළැයි නඟා ඇති චෝදනාව ශිෂ්‍ය නායකයෝ ප්‍රතික්ෂේප කරති.
මෙම පන්ති තහනම ගැන විමසීමට උප කුලපති හෝ සරසවියේ වෙනත් බලධරයෙකු සම්බන්ධ කැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.