බදාදා (24) සිට දින 14ක් දක්වා රුහුණ සරසවියේ සම සෞඛ්‍යය සිසුනට කරාපිටියේ වෛද්‍ය පීඨයට ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය අද (23) නියෝගයක් නිකුත් කළාය.
සිසුන් පිරිසක් බදාදා මහමෝදර සිට වෛද්‍ය පීඨයට ගොස් උද්ඝෝෂණයක් පැවැත්වීමට යන බවත් එයින් සාමය කඩවන බවත් කියමින් පෝද්දල පොලිසිය අධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලා සිටියේය.

