සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් උළෙල පසුගිය සති අන්තයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ආරාධනයෙන් කටානියා නගරාධිපති ස්තන්ක නෙල්ලී රෆෙලෝ ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ වෙසක් පිංකම්වලට දාන, සීල, භාවනා, වෙසක් කූඩු, දන්සල් ඇළු වැඩසටහන් රැසක් ඇතුළත් විය.