සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය සිසිල් කොතලාවල කටුනායක දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධරයෝ කියති.
ගෝල්ඩන් කී සමාගම බිඳ වැටීමෙන් පසු එහි තැන්පත්කරුවන් ස්ථිර තැන්පත් ඉල්ලද්දී ඇය ශ්‍රී ලංකාවෙන් පළා ගිය බව පොලිසිය කියයි.
ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය වරෙන්තු ද නිකුත් කළේය.
2008 දෙසැම්බර මාසයේ දී පමණ ඇය ශ්‍රී ලංකාවෙන් නික්මව ගිය බවත්, ඇය එංගලන්තයේ සිට ඩුබායි හරහා ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධරයෝ කියති.

