සිසිල කුට්ටිය මුදලාලිටයි


( ආර් එස් බෝගහගේ මහතා ) දේශීය ආදායම් ආයතනයේ ආපන ශාලාවේ සැප්තැම්බර් 30 වැනිදා මිලි ලීටර 200 බීම බෝතලයක් මම මිලදී ගතිමි. එහි මිල සටහන්ව තිබුනේ රුපියල් 30ක් ලෙසයි. නමුත් මගෙන් රුපියල්  40ක් ආපන ශාලාවේ මුදල් අයකැමි විසින් ගනු ලැබිය. මිලක් සදහන් කර තිබියෙදී මෙසේ මුදල් ලබා ගත හැකිද? එසේනම් මිල පාලනය කිරීමට ආයතන කුමකටද ?