සිසිර ලියනගේ යයි


කොළඹ ජාතික අක්ෂි රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ජාතික ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ  අධ්‍යක්ෂ ලෙස  පත් වී ගියේය.

ඔහුට උපහාර පිදීමේ උත්සවයක්  රෝහල් කාර්ය මණ්ඩලය අද (08) සංවිධානය  කළේය.

 ප්‍රධාන ආරාධිතයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාය.

 සිසිර ලියනගේ මහතා  ජාතික රෝහලේ  දියුණුවට  කළ සේවාව අගය කැරිණි. නව අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  විල්ෆඩ් කුමාරසිරි මහතා ද පිළිගැණිනි.  විශේෂඥ  අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වන චම්පා බානගල, චරිත් ෆොන්සේකා, මංගලා ගමගේ, මුදිතා කුලතුංග මහත්වරුද ඇතුළු කාර්ය මණ්ඩලය මේ උළෙල සංවිධානය කළහ.