සිස්ටයින් දෙව් මැදුරෙන් සුදු දුම් පිටවේ


ඉතාලි වේලාවෙන් පස්වරු 7.06ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.36ට) සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුම් පිටවූ බව වතිකාන ආරංචි කියයි.

සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර නොගත් බවටත්, සුදු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර ගත් බවටත්   සංඥාවක් ලැබෙයි.

රෝමයේ බැසිලිකා දේවස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් ද, දහස් ගණනක් මාධ්‍යවේදීහුද රැස්ව සිටිති.

අද දහවල් 12ට සිස්ටයින් දෙව්මැදුරෙන් කළුදුම පිට විය.

එසේ වූයේ කාදිනල්වරුන් දෙවරක් ඡන්දය දීමෙන් පසුවය.

රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන්  ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට) තවත් ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිතව තිබිනි.

තෝරා පත් කර ගත් නව පාප්වහන්සේ තව මිනිත්තු කිහිපයකින් වතිකානුවේ රැස්ව සිටින ලක්ෂ ගණනක් ජනතාව ඇමැතීමට නියමිතය.