අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිල නිවසට වැඩම කරවාගෙන ඒමට ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ද මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු දායකකාරකාදීහු ද සිංගප්පූරුවට ගියහ.
සෝභිත හිමියන් වෙනුවෙන් මතක වත්‍ර පූජා කිරීම ද තානාපති නිල නිවසේ දී සිදු විය.
දේහය අද රාත්‍රියේ කොළඹට වැඩම කරවීමට නියමිතය.
සෝභිත හිමියන්ගේ අභාවය සැලවීමත් සමග මුළු රටම කම්පාවටත් ශෝකයටත් පවත් වූ බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති.












