සිවුදරු මව බලු පැටවුන් ගොඩේ


සිවු දරු මවක් තමන් අතරමං කළ බව කියමින් ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පානදුර දකුණ මාදුපිටිය පානගම්ව පදිංචි ආර්.එම්.රොසලින් (88) නමැති මහලු මව ඇගේ බැංකු සේවක පුතකු  අද (14) ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට නංවා ඇතැයි කියති. ඇගේ අනෙක් පුතුන් දෙදෙනා පොලිසියේ සේවය කරන බවත් ඇය කියන්නීය.

ඇගේ එකම දියණිය විශ්‍රාමික ගුරුවරියක් බවත් තමන් මීට පෙරද මහලු නිවාස තුනක රඳවනු ලැබ සිටි බවත් කියති. ත්‍රිකුණාමලයේ සිය පුතුගේ නිවසේ දින කිහිපයක් සිටියදී වෙනත් පුතකුගේ නිවසට යන ලෙස පවසා ඇය බසයට නංවා ඇතැයි කියන අතර එසේ කලින් කල එක් එක් දරුවන්ගේ නිවෙස්වල වාසය කළ බව ඇය පවසන්නීය.

එසේ සිටින අතර තුර බලු පැටවුන්ට නිදාගැනීමට යොදා ඇති මෙට්ටයක බල්ලන් සමග දින ගණනාවක් ගත කිරීමට සිදුවූ බවද ඇය පොලිසියට කියා ඇත.

web_201512141 web_201512142