සිවිල් වැසියකුගේ පැමිණිල්ලකින් මහේස්ත්‍රාත්වරයකු ගෙදර යවයි


සිවිල් සංවිධානයක් විසින් මහේස්ත්‍රාත්වරයකුට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අධිකරණ සේවා කොමිෂන් සභාව එම මහේස්ත්‍රාක්වරයා සේවයෙන් පහකර ඇතැයි ශ්‍රි ලංකා මානව හිමිකමි කේන්ද්‍රය පවසයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙසේ සේවයෙන් පහකර ඇත්තේ කොළඹ 10 ජල ටැංකිය පාරේ ව්‍යාජ ලිපිනයකින් අධිකරණ සේවයේ පත්වීම් ලැබු ඩි.එම්.ඒ.අයි.දිසානායක නමැති මහේස්ත්‍රාත් වරයා බවත් 1977 වසරෙන් පසු සිවිල් වැසියකු කළ පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාවක් මගින් මහේස්ත්‍රාත්වරයෙකු සේවයෙන් ඉවත් කළ පළමු  අවස්ථාව මෙය බවත් ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක රජිත් කිරිති තෙන්නකෝන් මහතා පවසයි.

ව්‍යාජ ලිපිනයකින් අධිකරන ක්ෂේත්‍රයට ඉල්ලුම් කිරිම,මහේස්ත්‍රාත්වරයෙකු ලෙස සිටිමින් ක්‍රියාකාරි දේශපාලනයේ නියැලිම ඇතුළු චෝදනා රැසක් මෙම මහේස්ත්‍රාත්වරයාට ඇතැයි තෙන්නකෝන් මහතා පවසයි.