පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිවිල් ගුවන් සේවා කටයුතු කිරීම මගින් වඩාත් හොඳ සේවාවක් ලබා ගැනීමට හැකි බව ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කීවේය.
පෞද්ගලික ව්‍යාපාරවලින් හමුදාව ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබියදී මෙලෙස හමුදාව යොදා ගන්නේ ඇයි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළත් නිසි පිළිතුරක් නොලැබිණි.
ප්‍රශ්නය - අභ්‍යන්තර සිවිල් සේවා ගුවන් කටයුතු දැනටමත් සිදු කරනවා නේද? සිවිල් සේවා අධිකාරියත් මේ පිළිබඳව කටයුතු කරගෙන යද්දී ඇයි මේ පෞද්ගලික අංශයත් සමග කටයුතු කරගෙන යන්නේ? සිවිල් සේවා දෙපාර්තුමේන්තුව ශක්තිමත් නැද්ද
ගයන්ත කරුණාතිලක මහතා - මෙයින් වඩාත් හොඳ සේවාවක් සපයා ගන්න පුළුවන් වගේම ඒ සඳහා ආයෝජකයින් ගේ සහය ලබා ගැනීමටත් අපට හැකි වෙනවා.
ප්‍රශ්නය - දැනටමත් ඒ කටයුතු සිදු කරනවා නේද?
පිළිතුර - දැනට සිදු වෙනවාට වඩා වැඩි සේවාවක් ලබා ගැනීම තමයි එහි අරමුණ.
ප්‍රශ්නය - හමුදාව පෞද්ගලිකව ව්‍යාපාර වලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස තිබියදී ඇයි මේ සඳහා හමුදාව එකතු වෙන්නේ?
කරු පරණවිතාන මහතා - මේකේ කියලා නෑනේ හමුදාව සම්බන්ධ වෙනවා කියලා
මාධ්‍යවේදීයා - හමුදාව එක්වන බව මෙහි කියා තිබෙනවා.
ගයන්ත කරුණාතිලක - ගුවන් හමුදාව එක් වන බව මෙහි තිබෙනවා.
ප්‍රශ්නය - දැනට තිබෙන ගුවන් යානා දෙක නුසුදුසු තත්ත්වයේ තිබෙන බව වාර්තා වෙනවා එහෙම තියෙද්දී ගුවන් හමුදාව මේකට සම්බන්ධ කර ගැනීමේ අරමුණු කුමක්ද?
ගයන්ත කරුණාතිලක - වඩා විධිමත් කාර්යයක්ෂම සේවයක් ලබා දීමට තමයි මේ දෙගොල්ලොම එකතු වෙලා ආයෝජකයෙකු සොයන්න තීරණය කළේ.
ප්‍රශ්නය - ගුවන් හමුදාව ගත් ගුවන් යානා දෙක අරන් තියෙන්නේ මිහින් ලංකා ආයතනයට කියලා. ඒත් ප්‍රශ්නය තියෙන්නේ මෙම යානා මිලදී ගැනීමේදී ඇති වු අක්‍රමිකතාවයි. එය විසඳලා තියෙනවාද?
පිළිතුර - අපි ඒ අංශ සමග සම්බන්ධ කරගෙන වැඩි විස්තර ලබාදෙන්න බලපොරොත්තු වෙනවා.