සිවිල් ආරක්ෂකයෝ 300කට විශ්‍රාම වැටුප්


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 20ක සේවා කාලයක් සපුරා ඇති භටයිනට හා කාන්තාවනට ලබන ජනවාරි සිට විශ්‍රාම වැටුප් හිමිවන බව අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

විසි අවුරුදු සේවා කාලය සැපිරූ 295 දෙනකු ප්‍රථම වතාවට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කියන බව ඔහු කියයි.