සිවිල් ආරක්ෂක සෙබළු ජපන් ජබර වලින් හපන් වැඩක් කරයි


පරිසර උවදුරක් වී ඇති ජපන් ජබර හා සැල්වීනියා වලින් කැබිතිගොල්ලෑව ඌරාවැව කාබනික පොහොර නිෂ්පාදනයට සිවිල් ආරක්ෂක බලකාය යොමුවී සිටියි.

රසායනික පොහොර භාවිතය වැඩි වීමත් සමග වකුගඩු රෝගය වසංගත තත්ත්වයට පත්වීමත් සමග කාබනික පොහොර භාවිතය හුරු කිරීමෙන් එම රෝගය මැඩීමට යම් මෙහෙයක් ඉටු කිරීම එක් අරමුණකියි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැබිතිගොල්ලෑව කලාපයේ අණදෙන නිලධාරි වයි එම් පුංචි බණ්ඩා මහතා කියයි.

ගොම, වවුලන්ගේ, කුකුලන්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ බහිශ්‍රාව්‍ය කොටස්වලට පිදුරු, ඇල්බීසියා, පොස්පේට් ස්වල්පයක් ද සැල්වීනියා හා ජපන් ජබර ද යොදා නිෂ්පාදනය කැරෙන මෙම පොහොර එම පළාතේ අලෙවි කැරෙයි.