සිලෝන් ටී අපනයන කරුවන්ට වෙළඳ ප්‍රදර්ශන සහනාධාරය දිගටම


(අංජුල මහික වීරරත්න)

'සිලෝන් ටී' අපනයන කරුවන් සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා තේ අපනයන කරුවන්ට නව ජාත්‍යන්තර ගැනුම්කරුවන් සොයා ගැනීම සහ ගෝලීයව ඔවුන්ගේ 'සිලෝන් ටී' සන්නාම ප්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම පිණිස ශ්‍රී ලංකා තේ අපනයනකරුවන් සඳහා වන 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය 2015 සිට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. 

ඒ අනුව එකී වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වා ගෙන යාම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.