සිලිකා ජෙල් පෙන්වා සල්ලි ගරා ගුටි කයි


සෘද්ධියෙන් ධාතූන් වහන්සේලා වැඩම වු බව කියමින් සම්මාදන් ලෙස මුදල් ලබාගත් බව කියන පිරිසකට හම්බන්තොට මිරිජ්ජවිලදී පහරදී ඇතැයිද එක් අයකු රෝහල් ගත කැර ඇතැයිද රෝහල් ආරංචි කියයි.

භූතාත්මයක් ලද කතකගේ බලයෙන් දින තුනකදී ධාතූන් වහන්සේලා 34 නමක් වැඩම කළ බව ප්‍රචාරය කැර ඇතැයි ද මිනිසුන් පෝලිමේ අවුත් ධාතුන් වැඳ පඬුරු දමා  ඇතැයිද කියති.

බෙහෙත් වැනි ඇතැම් ද්‍රව්‍යවල තෙතමනය නැති කිරීමට යොදන සිලිකා ජෙල්  කැට වලට කහ දියර ඉස මේ බොරුව කැර ‘ධාතු පෙන්වා ‘ඇතැයි කියති. මුලදී ධාතුන් වහන්සේලා කිහිප නමක් සෘද්ධියෙන් වැඩම කළැයි  ප්‍රචාරය විය.

මේ ගැන සෝදිසියෙන් සිටි පිරිසක් කියා ඇත්තේ සිලිකා ජෙල්වලට කහ දියර ඉස ධාතුන් පෙන්වා ඇති බවයි.මේ සිද්ධියත් සමඟ ධාතු පෙන්වු ස්ථානය වසා දමා ඇත.

සිලිකන් ඩයොක්සයිඩ් රසායනයට අයත් සිලිකා ජෙල්  සෝඩියම් සිලිකේට් වලින් කෘතිම ලෙස නිෂ්පාදනය කරයි.

සිලිකා ජෙල්  සුදු පැහැයෙන් යුක්තය.

DSCN2238 DSCN2239 DSCN2240 DSCN2241

DSC09529