සිල් රෙදි ගැන හිටපු ජනපති ලේකම්ගෙන් ප්‍රශ්න කරයි


විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් රුපියල් කෝටි 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට මරු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරික්ෂණ කොට්ඨාශය හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාගෙන් ප්‍රශ්න කැර ඇත. වීරතුංග මහතා කලක් එම කොමිසමේ සභාපතිවරයා විය.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේ දී හඳුනාගත් කණ්ඩායම් තුනකට තෑගි දීම සඳහා නියාමන කොමිසමේ මුදල් පරිහරණය කැර ඇතැයි ද එම මුදල් සිල් රෙදි බෙදා දීම සඳහා භාවිතා කැර ඇතැයි ද කියති.

එම සිද්ධිය සම්බන්ධයෙන් වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් ද ප්‍රශ්න කැරිණි. ඒ හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමික උපදේශකවරයකු ලෙස පත්කැර තිබිණි.