සිල් රෙදි අස්සේ මහින්දගේ ජන්ද කොළ


පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් හැට කෝටියක සිල් රෙදි බෙදීයැයි විදුලි සංදේශ නියාමන කොම්සමේ හිටපු සභාපති අනුෂ පැල්පිටට හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ලේකම් ලලිත් වීරතුංගට එරෙහි නඩුවේදි මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (23) සාක්කි දුන්නේය.

සිල් රෙදි බෙදන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එය නතර කරන ලෙස 2014 නොවැම්බර් 21 වැනි දා චක්‍ර ලේඛනයක් නිකුත් කළ බවත් අනුරාධපුරයේ දී පුද්ගලයකුට සිල් රෙදි බෙදා දුන් බව තමා දුටු බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ඡන්ද පත්‍රිකාවක් එහි තිබු බවත් ඔහු කීවේය. නඩු විභාගය දෙසැම්බර් 8 වැනි දා ට කල් තැබිණි.