සිරුරින් අල්ලස් ගත්තැයි ප්‍රා.ලේකම්ට නඩු


දියතලාවේ තරුණ කතකට රජයේ ඉඩමක් අල්ලා ගැනීමට සහාය දෙන බව පවසා ඇයගේ සිරුරෙන් අල්ලස් ගත්තැයි සැකපිට බඩල්කුඹුර හිටපු ප්‍රාදේශීය ලේකම් ජයන්ත රත්නායකට අල්ලස් කොමිසම අද (17) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.

2012 ජනවාරියේදී ඔහු මේ අපරාධය කළැයි චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණි.

සාක්කිකරුවන් හය දෙනෙක් සිටින බව පැවසූ කොමිසම නඩු භාණ්ඩ හතරක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.