
(ක.ග. කරුණාරත්න)
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. තෙනුජ මනුමිත සිසුවා මුළු ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200න් 200ම ලබාගෙන දිවයිනේ පළමු වැන්නන් අතරට එක්ව සිටී.
මෙම ශිෂ්‍යයා ඉගෙනුමට මෙන්ම පාසැලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද කැපීපෙනෙන දස්කම් දක්වන සිසුවෙකු බව විදයාලයේ විදුහල්පති එච්.සී. රාජපක්‍ෂ මහතා පැවැසීය.
එම සිසු දරුවාගේ පන්ති භාර ගුරුවරයා වන්නේ එස්.ටී. ප්‍රියදර්ශණ මහතාය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරවරියක වන පද්මා අයිරාංනී උඩගෙදර මහත්මිය සහ එම ආයතනයේම ක්‍ෂේත්‍ර සහකාර නිලධාරියෙකු ලෙස සේවය කරන එච්.එම්. විජේරත්න මහතා සිසුවාගේ මාපිය දෙදෙනා වෙති.
පාසැලෙන් ලබාදුන් අධ්‍යාපනයට අමතරව වෙනත් අධ්‍යාපන උපකාරක පන්ති වලට තම දරුවා සහභාගී නොකළ බව ඔවුහු කීහ. ඉතාමත් සැහැල්ලුවෙන් ඉගෙනීමේ කටයුතුවල නිරතවූ බවද පැවැසූහ.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල පිරිමි දරුවා වන තෙනුජ මනුමිත අනාගතයේ වෛද්‍යවරයෙකුවී රටට සේවය කිරීම සිය අරමුණ බව පවසයි

